Cricket News

ගෞරවය රැකගැනීමේ සටනේ කාසියේ වාසිය එංගලන්තය දිනාගනී! ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් දෙකක්!

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරණාත්මක තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම මේ වන විටත් 2-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටියි. ඒ අනුව අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ගෞරවය රැකගැනීම සඳහා වන තීරණාත්මක සටනකි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කිරීමට කටයුතු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. පාදයේ ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග වෙනුවට මහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවා ඇති අතර, උරහිසේ ආබාධයකට ලක්ව සිටින ඒෂාන් මාලිංග වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button