Cricket News

පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම විස්සයි-20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ.

ඒ අනුව, මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි 06වන ස්ථානයේ රැඳී සිටි පැතුම් නිස්සංක, ලොව දක්ෂතම විස්සයි-20 පිතිකරුවන් අතර 05වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

පැතුම් නිස්සංකට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද නවතම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. පසුගිය තරඟාවලිවලදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙලෙස 18වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔහුට අවස්ථාව හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button