Cricket News
ඉන්දීය සංචිතයේ ප්‍රබලයෙක්ට 20-20 ලෝක කුසලානය අහිමි වෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානාට 2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 04 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පෙර පුහුණු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම මෙයට හේතුව වී තිබේ.
හර්ෂිත් රානා යනු මෙවර ලෝක කුසලාන සංචිතය සඳහා නම් කළ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් අයෙකි.
හර්ෂිත් රානාගේ ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වූ ස්ථානය සඳහා තවමත් නිශ්චිත ක්‍රීඩකයෙකු නම් කර නොමැති වුවත්, ඒ සඳහා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු තෝරා නොගන්නා බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් පවසා ඇත.
දැනටමත් සංචිතය තුළ තුන් ඉරියව් වේග පන්දු යවන්නන් ලෙස ශිවම් ඩුබේ සහ හාර්දික් පාණ්ඩ්‍ය රැඳී සිටීම මීට හේතුවයි.
