19න් පහළ එක්දින අවසන් සටනේදී ඉන්දීය පිලෙන් ප්රබල ඉලක්කයක් : සූර්යවංශිගෙන් සුපිරි ප්රතිහරඹයක්

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අවසන් මහා තරගයේදී ප්රබල පිතිහරඹයක නිරත වූ ඉන්දීය යොවුන් පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 411ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ වෛභව් සූර්යවංශි පන්දු 80කදී ලකුණු 175ක් රැස් කළ අතර, ඔහුට අනගි සහයක් ලබාදුන් නායක ආයුෂ් මැතිරේ ලකුණු 53ක් සහ අභිග්යාන් කුන්ඩු ලකුණු 40ක් බැගින් ලබා ගත්හ. මීට අමතරව වේදන්ත් ත්රිවේදි ලකුණු 32කින් සිය ඉනිම ශක්තිමත් කළේය.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ජේම්ස් මින්ටෝ කඩුළු 03ක් දවාගත් අතර සෙබස්තියන් මෝගන් සහ ඇලෙක්ස් ග්රීන් කඩුළු 02 බැගින් ද, මැනී ලම්ස්ඩන් එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් විය. ඒ අනුව ලෝක කුසලානය ජයග්රහණය කිරීම සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 412ක අසීරු ඉලක්කයක් හිමිව ඇත.
