Cricket News
T20 ලෝක කුසලානය පැවැත්වෙන කාලයේ බංග්ලාදේශය කරන්න යන දේ
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බංග්ලාදේශ කණ්ඩායම, එම කාලසීමාව තුළ සිය රටේ ක්රීඩකයින් වෙනුවෙන් නවතම විස්සයි20 ලීග් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ. බංග්ලාදේශ ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ‘Odommo Bangladesh T20 Cup’ ලෙස නම් කර ඇත. කණ්ඩායම් තුනකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර ලෝක කුසලානයට තෝරාගෙන සිටි සියලුම ක්රීඩකයින් ඇතුළුව එරට ප්රධාන පෙළේ ක්රීඩකයින් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. එහිදී තරග වදින කණ්ඩායම් සහ ඒවායේ නායකත්වය දරන ක්රීඩකයින් පහත පරිදි වේ:
- Duronto XI – අක්බර් අලි
- Durbar XI – නජ්මුල් හොසේන් ෂැන්ටෝ
- Dhumketu XI – ලිටන් දාස්
