Cricket News

සනත් ජයසූරිය අවුරුදු 15ක් රැකගත් ලෝක වාර්තාව ජයසූරිය බලා සිටියදීම පල්ලෙකැලේදී බිඳවැටෙයි.

විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් අද (12) සමත් විය. ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේදී ඔහු මෙම සුවිශේෂී දක්ෂතාව ප්‍රදර්ශනය කළේය.

මෙම වාර්තාව පිහිටුවන විට මොහොමඩ් නදීම්ගේ වයස අවුරුදු 43යි දින 161ක් ලෙස සටහන් විය. ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් පන්දු 56කදී ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය.

මොහොමඩ් නදීම් විසින් මෙහිදී බිඳදමනු ලැබුවේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය සතුව තිබූ වසර 15ක් පැරණි වාර්තාවකි. 2009 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සනත් ජයසූරිය ලකුණු 81ක් රැස්කරන විට ඔහුගේ වයස අවුරුදු 39යි දින 345ක් ලෙස සටහන්ව තිබුණි. ඒ අනුව දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාව සතුව තිබූ මෙම ලෝක වාර්තාව අද දිනයේ ඕමානය සතු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button