Cricket News

පැතුම් නිස්සංක දුටු සිහිනය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (16) විස්සයි-20 ලෝක කුසලාන තරගයෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8කින් පරජය කරමින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයේ නියමුවා වූ පැතුම් නිස්සංක පන්දු 52කදී නොදැවී ලකුණු 100ක් රැස් කරමින් සිය මංගල ලෝක කුසලාන ශතකය වාර්තා කිරීමට සමත් විය.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තරගයේ වීරයා වූ පැතුම් නිස්සංක සඳහන් කළේ, ලෝක කුසලාන තරගයක ශතකයක් වාර්තා කිරීම තමාගේ විශාල ඉලක්කයක්ව තිබූ බවයි.

එමෙන්ම ක්‍රීඩාංගනයට පැමිණ කණ්ඩායමට ලබාදුන් දිරිගැන්වීම පිළිබඳව සියලුම ප්‍රේක්ෂකයින්ට ඔහු සිය කෘතඥතාව පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button