Cricket News

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතෙක් නොලියවුණු වාර්තා ත්‍රිත්වයක් ඉන්දියාව අද සිය නම ඉදිරියේ ලියාගනියි.

අයිසීසී විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කරමින් ඉන්දියාව අද අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේ වසර ගණනාවක් තිස්සේ නොබිඳී පැවති වාර්තා රැසක් කුඩුපට්ටම් කර දමමිනි.

මීට පෙර කිසිදු අවස්ථාවක විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී නවසීලන්තය පරාජය කිරීමට ඉන්දියාවට නොහැකි වී තිබූ අතර, අද දිනයේදී එම “නවසීලන්ත බාධකය” සාර්ථකව ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණය වඩාත් සුවිශේෂී වන්නේ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසය තුළ සත්කාරක රටක් ලෝක කුසලානය දිනාගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොත්වලට එක්වීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button