Cricket News

මාලිංගගේ වේගපන්දු ‘දඩයමට’ 3,500කගේ ප්‍රතිචාර! හෙට තීරණාත්මක දිනයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග මහතා විසින් දක්ෂ තරුණ වේගපන්දු යවන්නන් හඳුනාගැනීම සඳහා ආරම්භ කළ වැඩසටහනට මේ වන විට අතිමහත් ප්‍රතිචාරයක් ලැබී තිබේ.

ලියාපදිංචිය ආරම්භ කර කෙටි කලක් තුළ 3,500කට අධික පිරිසක් මේ සඳහා අයදුම් කර ඇති අතර, පවතින අධික ඉල්ලුම හේතුවෙන් නව අයදුම්කරුවන් ලියාපදිංචි කිරීමේ සබැඳිය (Link) දැනට තාවකාලිකව වසා දැමීමට මාලිංග මහතා පියවර ගෙන ඇත.

අදියර 10කින් සමන්විත මෙම දැවැන්ත වැඩසටහනේ පළමු අදියර සඳහා පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩකයින් 350 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ගේ නාමලේඛනය හෙට (මාර්තු 12) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙතෙක් ලියාපදිංචි වීමට නොහැකි වූ දක්ෂ තරුණ ක්‍රීඩකයන් සඳහා දෙවන වරට ලියාපදිංචි වීමේ අවස්ථාව එළඹෙන 2026 අප්‍රේල් මස 14 වනදා සිට යළිත් විවෘත වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“ඔබ නැවතුණත්, මම නවතින්නේ නැහැ” යනුවෙන් තරුණ ක්‍රීඩකයින් දිරිමත් කරමින් මාලිංග මහතා ප්‍රකාශ කර සිටියේ, ඉදිරි කාලයේදී ලංකාවට දක්ෂ වේගපන්දු බලඇණියක් දායාද කිරීම සිය එකම අරමුණ බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button