Cricket News

ලෝක ශූර ඉන්දීය ක්‍රීඩකයාට දුම්රියේදී සිදු වූ දේ

2026 පන්දුවාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ශිවාම් ඩූබේ, සිය ජයග්‍රාහී සැමරුම් අවසානයේ මුම්බායි හි පිහිටි සිය නිවසට යාම සඳහා පොදු දුම්රිය සේවය භාවිතා කිරීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සැමරුම් උත්සවවලින් පසු ගුවන් ටිකට්පත් අවසන් වී තිබීමත්, මෝටර් රථයකින් ගමන් කිරීමේදී පවතින දැඩි මාර්ග තදබදයත් හේතුවෙන් ඩූබේ සහ ඔහුගේ බිරිඳ මෙම තීරණය ගෙන තිබේ.

තම සිව් හැවිරිදි සහ දෙහැවිරිදි දරුවන් දෙදෙනා දැකබලා ගැනීමේ දැඩි වුවමනාව නිසා ඩූබේ සහ ඔහුගේ බිරිඳ තෙවන පන්තියේ වායු සමනය කළ දුම්රිය මැදිරියක (3-tier AC) ගමන් කර ඇත. ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර පවතින දැඩි උන්මාදය හමුවේ තමන්ව හඳුනාගැනීම වැළැක්වීමට ඔහු මුහුණ සහ හිස සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන සිටීමට ද පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button