Cricket News
IPL පිටියේ අලුත් සටන! RCB සහ රාජස්ථාන් කණ්ඩායම් අතර! විස්තරය මෙන්න

ලෝකයේ වටිනාම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපාරික පෙරළියකට මග පෑදී තිබේ. ඒ IPL කණ්ඩායම් දෙකක බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඇමරිකානු බිලියනපතියන් සහ ඉන්දීය ප්‍රකෝටිපතියන් අතර මේ වන විට නිර්මාණය වී ඇති දැඩි තරගකාරීත්වය හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ‘Harris Blitzer Sports & Entertainment’ හි සම-නිර්මාතෘ සහ ඇමරිකානු බිලියනපති ඩේවිඩ් බ්ලිට්සර් (David Blitzer), රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) සහ රාජස්ථාන් රෝයල්ස් (RR) යන කණ්ඩායම් දෙක පිළිබඳව සිය දැඩි අවධානය යොමු කර ඇත. බ්ලිට්සර්ට අමතරව, සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සම සභාපති අව්රම් ග්ලේසර් (Avram Glazer) ද මෙම කණ්ඩායම් දෙකේම කොටස් අත්පත් කර ගැනීම සඳහා මූලික ලංසු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. මීට පෙරද ග්ලේසර් IPL කණ්ඩායමක් මිලදී ගැනීමට උත්සාහ කළ අතර, මෙවර ඔහු එය අත්නොහරින සටනකට අවතීර්ණ වී සිටින බව පෙනේ. පසුගිය වසරේ (2025) IPL ශූරතාව දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. දත්ත වාර්තා පෙන්වා දෙන්නේ:
- RCB කණ්ඩායම: පසුගිය වසර තුන තුළ ආදායම 73% කින් වර්ධනය කරගෙන ඇත.
- රාජස්ථාන් රෝයල්ස්: එම කාලය තුළම ඔවුන්ගේ ආදායම 136% ක දැවැන්ත වර්ධනයක් සටහන් කර තිබේ.
