Cricket News

මම ක්‍රිකට් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන දන්නේ නැහැ – තම රිද්මය අහිමි වීම ගැන K L Rahul සංවේදි වෙයි

වත්මන් ඉන්දීය ජාතික කණ්ඩායම තුල සිටින ප්‍රභල සාමාජිකයෙකු වන ලෝකේශ් රාහුල් සමස්ත තරඟ ආකෘති තුනම තුල පසුවන්නේ පිතිකරණයෙන් එතරම් යහපත් මට්ටමක නොවේ.IPL තරඟාවලිය තුලත් රාහුල්ගේ සුපුරුදු පිතිකරණය දක්නට නොලැබුණු අතර දිගින් දිගටම අසාර්ථක වීම තුල රාහුල්ගේ ක්‍රිකට් අනාගතය කෙබඳු වේවිද යන්න කාටත් ප්‍රශ්නාර්ථක් විය.

දිගින් දිගටම IPL තරඟාවලිය තුල අසාර්ථක වූ රාහුල් මීට සති කිහිපයකට ඉහතදී ආබාධයකටද ලක්වූ අතර ඔහු ඒ හේතුවෙන් සැත්කමකටද භාජනය විය.

සමාජ මාධ්‍ය තුලින් දිගින් දිගටම රාහුල්ට එල්ල වූයේ එතරම් සුභවාදී ප්‍රතිචාර නොවුන නමුත් පිතිකරණ රිද්මය අහිමිවීම තුල මෙය තවත් උග්‍රවීමද විශේෂත්වයක්.කෙසේ නමුත් රාහුල් මීට දින කිහිපයට ඉහතදී Podcast වැඩසටහනකට එක් වෙමින් පසුගිය කාලයේ තමන්ට සමාජ මාධ්‍ය තුලින් එල්ලවූ ප්‍රහාර පිළිබඳව සංවේදී විය.

“මම දන්නවා පසුගිය මාස කිහිපය මට පිටියේ දී ඒ තරම් හොඳ වුනේ නැහැ. ඒත් මට ඒ කාලයේ ලැබුණු සහයෝගයෙන් තේරුණේ මම මගේ ජීවිතයේ හරි දෙයක් කරලා තියෙනවා කියලා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට විතරක් නෙවෙයි, සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහටත් මම මිනිසුන්ට හොඳ බලපෑමක් කරලා තියෙනවා කියන එක මගේ හදවතට දැනුණා.”

“මේ කාලයේ මේවා හරිම පහසු දේවල්. කෙනෙක් ගැන සෘනාත්මක අදහස් දකිද්දී, ඒ කෙනා පහතට වැටිලා ඉන්න බව දකිද්දී කිහිප දෙනෙකු විසින් තීරණය කරනවා එම පුද්ගලයාට දැන් දැනෙනවාටත් වඩා අසීරු මට්ටමකට ඇද දමන්න.”

“ඒක සමහර වෙලාවට මටත් බලපාලා තියෙනවා. ඒ වගේ ම අනෙක් අයටත් ඒක බලපානවා. තමන්ට ඕනෑම දෙයක් කියන්න බලය තියෙනවා කියලා සමහරුන්ට හැඟෙන්න පටන් ගන්නවා.
ඒ වෙලාවට පොඩ්ඩක් බලන්න ඒ පුද්ගලයින් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. අපි කාටවත් දුර්වල විදිහට ක්‍රීඩා කරන්න අවශ්‍ය නැහැ.
මේක තමයි අපේ ජීවිතය, මේක තමයි අපි හැමෝම කරන්නේ. මම ක්‍රිකට් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන දන්නේ නැහැ.”

“ඇයි කවුරු හරි හිතන්නේ මම මගේ ක්‍රීඩාව ගැන බැරෑරුම් ලෙස සලකන්නේ නැහැ කියලා, මම ප්‍රමාණවත් තරම් වෙහෙස වෙන්නේ නැහැ කියලා.මම වෙහෙස වෙලා වැඩ කළාට ප්‍රතිඵල හොඳ විදිහට ආවේ නැහැ. නමුත් සමහර වෙලාවට මම ඒ තරම් මහන්සි නොවෙන වෙලාවට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ක්‍රීඩාවට සූත්‍ර නැහැ, මේවා අතර සම්බන්ධයක් නැහැ.”

“ක්‍රීඩකයින්ට සහය ලබා දෙන අය ඉන්නවා, නමුත් මම පෞද්ගලිකව උත්සාහ කරන්නේ මේ දෙකෙන් ම (හොඳ සහ නරක ප්‍රතිචාර) ඈත් වෙලා ඉන්න. ඔබට එහෙම කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔබට මිනිසුන් කියන හොඳ දේවල්වලට ඇහුම්කන් දෙන්න අවශ්‍ය වේවි.”

“නමුත් ඔබ ඒ දේවල්වලට ඇලුනොත් ඔබ අනිවාර්යයෙන් ම ඒකේ අනිත් පැත්තටත් (නරක ප්‍රතිචාර) සූදානම් ව සිටිය යුතු බව වටහා ගත යුතුයි. ඔබ කිරීමට අවශ්‍ය දේ තෝරා ගත යුතුයි. කාලයක් තිස්සේ ම මට එය බලපෑමක් එල්ල කලේ නැහැ. මම හිටියේ ‘ මට වැඩක් නැහැ, මම මේ අය වැරදි බව ඔප්පු කරන්නම්’ කියලා. නමුත් මට පසුව වැටහුණා මේවා මට බලපානවා කියලා. නමුත් මම එය සඟවන්න උත්සාහ කළා.”

යනුවෙන් රාහුල් සංවේදී වෙමින් තම අදහස් ප්‍රකාශ කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7