Cricket News
T20 ලෝක කුසලානයට සහභාගිවන නෙදර්ලන්ත කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සත්කාරකත්වය සපයන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම අද (31) දහවල් දිවයිනට පැමිණියේය. ක්‍රීඩකයින් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නෙදර්ලන්ත සංචිතය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
තරගාවලියේ සමාරම්භක තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නෙදර්ලන්තයට හිමිව ඇති අතර, ඔවුන් එළැඹෙන පෙබරවාරි 7 වැනිදා පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට අවතීර්ණ වනු ඇත. මෙම තීරණාත්මක සමාරම්භක ගැටුම කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
