Cricket News

T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් වන පැට් කමින්ස් සහ ස්ටීවන් ස්මිත් ඉවත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙය මෙවර ලෝක කුසලාන සංචිත ප්‍රකාශයට පත් කිරීමේදී වාර්තා වූ සුවිශේෂීම සිදුවීමක් ලෙස සැලකේ.

පැට් කමින්ස් හට පවතින පිටේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී ඇති අතර, ඒ වෙනුවට බෙන් ද්වාර්ෂුයිස් සංචිතයට කැඳවා ඇත. එසේම, නිමාවූ බිග් බෑෂ් ලීග් තරගාවලියේදී තරග 6කදී ලකුණු 299ක් රැස්කරමින් 167.97ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගත් ස්ටීවන් ස්මිත්ට ද සංචිතයේ ස්ථානයක් හිමි නොවීම ක්‍රීඩා විචාරකයන්ගේ මවිතයට හේතු වී තිබේ. මීට අමතරව මැතිව් ෂෝර්ට් වෙනුවට මැට් රෙන්ෂෝ සංචිතයට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button