Cricket News

T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ පළමු වෙඩිමුරය අද.සටන් වඳින කණ්ඩායම් මෙන්න.

අද රාත්‍රියේ කොළඹ අහස යට දැවැන්තම ක්‍රිකට් සටනක් ඇවිලෙන්නට නියමිතයි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක “සුපිරි 8” වටය අද ආරම්භ වන අතර, එහි පළමු වෙඩිමුරය පත්තු කරමින් පාකිස්තානය සහ නවසීලන්තය එකිනෙකා හමුවේ අං ඇදගැනීමට සූදානමින් සිටියි.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත මෙම ගැටුම හුදෙක් තවත් එක් තරගයක්ම පමණක් නොවේ. මූලික වටයේදී ‘A’ කාණ්ඩයෙන් තරග වැදුණු පාකිස්තානය ඉන්දියාව හමුවේ පමණක් පරාජය වෙමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර, ‘D’ කාණ්ඩයෙන් පැමිණි නවසීලන්තයද දකුණු අප්‍රිකාවට පමණක් දෙවැනි වී මෙම අවස්ථාව උදාකර ගත්තේය.

විස්සයි20 ඉතිහාසය දෙස බලන විට මෙම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරතව සිටීම විශේෂත්වයකි. 2007 වසරේ සිට මේ දක්වා ඔවුන් එකිනෙකා සමඟ තරග 49කදී ගැටී ඇති අතර, එහිදී පාකිස්තානය තරග 24ක්ද, නවසීලන්තය තරග 23ක්ද වශයෙන් ජයග්‍රහණ බෙදාගෙන ඇත. එක් ජයග්‍රහණයක සුළු පරතරයක් පමණක් සහිතව අද පිටියට පිවිසෙන මෙම කණ්ඩායම් දෙකෙන් ජයග්‍රහණයේ පල්ලම තමන් වෙත නතු කරගන්නේ කවුරුන්ද යන්න මුළුමහත් ක්‍රිකට් ලෝකයේම අවධානයට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button