Cricket News
Zappy ගේ වාර්තාවත් බිඳ වැටෙයි! ශ්‍රී ලංකා නායකයා අද මුහුණ දුන් අවාසනාවන්ත වාර්තාව මොකක්ද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක කියන්නේ ඕනෑම මොහොතක තරගයක් කඩුල්ල පිටුපස සිට හෝ පන්දුවෙන් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක්. ඒත් අද පැවැති තරගයේදී දසුන් මුහුණ දුන් සිදුවීම නම් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අමතක කිරීමට උත්සාහ කරන අමිහිරි මතකයක් වනු නොඅනුමානයි.
විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ලකුණු නොලබා (Ducks) දැවී ගිය ක්‍රීඩකයා ලෙස අවාසනාවන්ත වාර්තාවක් අද දසුන් ශානකගේ නම ඉදිරියේ ලියැවුණා. අද තරගයේදී ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමඟ, ජාත්‍යන්තර විස්සයි20 පිටියේ අවස්ථා 16කදී ‘බිංදුවට’ දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයා බවට ඔහු පත් වුණා.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ අවස්ථා 15කදී ලකුණු නොලබා දැවී ගිය රුවන්ඩාවේ Zappy Bimenyimana යි. අද දසුන් එම වාර්තාව අභිබවා යමින් මෙම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ තිබෙනවා.
