Cricket News

ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ වත්මන් තත්තවය මෙන්න

ලබන මාර්තු 13 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය (ACB) තීරණය කර තිබේ. කලාපීය වශයෙන් පවතින උණුසුම්කාරී දේශපාලනික තත්ත්වය හමුවේ පැන නැගී ඇති ගුවන් ගමන් සීමා කිරීම් සහ අනපේක්ෂිත සැපයුම් දාම ගැටලු (Logistical Challenges) හේතුවෙන් මෙම තීරණය ගත් බව එම ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.

මෙම තරගාවලිය ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වීමට නියමිතව තිබුණේ, ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමකට සත්කාරකත්වය සපයන පළමු අවස්ථාව මෙය බැවිනි.

කෙසේ වෙතත් පවත්නා බාධක හමුවේ තරගාවලිය 2026 වසරේ අවසන් කාර්තුව දක්වා කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් එකඟ වී ඇත. මෙම හදිසි කල් දැමීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි මාස දෙකක කාලය තුළ ජාත්‍යන්තර තරග නොමැති වන අතර, එම කාලය ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ නැංවීමේ විශේෂ පුහුණු වැඩසටහනක් සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button