Cricket News

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය සමයි – තීරණය සුපි‍රි පන්දුවාරයෙන්

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත් උද්වේගකර තරගයක් අද (11) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණා. දෙපිලේම දක්ෂතා සමවීම හේතුවෙන් තරගය නිමාවට පත්වූයේ දෙපිලම ලකුණු 187 බැගින් ලබා ගනිමින් තරගය සම වෙමිනි. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, දකුණු අප්‍රිකානු පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක ශක්තිමත් ඉලක්කයක් ගොඩනැගුවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් රයන් රිකල්ටන් ලකුණු 61ක් සහ ක්වින්ටන් ද කොක් ලකුණු 59ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ප්‍රබල පිතිකරු ඩිවෝල්ඩ් බ්‍රෙවිස්ට ලබාගත හැකි වූයේ ලකුණු 23ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් රහ්මානුල්ලා ගුර්බාස් අගනා ඉනිමක් දියත් කරමින් ලකුණු 84ක් රැස් කළා. තරගයේ අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම සටනේදී පන්දුවාර 19යි පන්දු 4කදී ඇෆ්ගනිස්ථාන සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමාවීම හේතුවෙන්, තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දැන් සුපිරි පන්දුවාරය (Super Over) ක්‍රියාත්මක වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button