Cricket News

ඊයේ නේපාලයේ දස්කම් දැක ඩේල් ස්ටේන් ලෝකයටම ඇහෙන්න කියපු රහස මෙන්න!

විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන තරගයක් අද මුම්බායි හි වන්කඩේ පිටියේදී නිමාවට පත් වුණා. ඒ ලෝක ශූර එංගලන්තය සහ ප්‍රබල දස්කම් පෙන්වූ නේපාල කණ්ඩායම අතරයි.

තරගය එංගලන්තය ජයගත්තත්, ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගත්තේ නේපාල සිංහයන් බවට කිසිදු සැකයක් නැහැ. ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය නේපාලය, එංගලන්ත පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 180ක් ලබා ගත්තේ ලෝකයේම අවධානය තමන් වෙත දිනාගනිමින්.

මෙම අභීත සටන දුටු දකුණු අප්‍රිකානු හිටපු වේගපන්දු පුරාවෘත්තයක් වන ඩේල් ස්ටේන් (Dale Steyn) සිය ‘X’ ගිණුමේ තැබූ සටහනක් නිසා දැන් මුළු ක්‍රිකට් ලෝකයම කැළඹී තිබෙනවා. “නේපාලය, ඔබට කවදා හෝ මගේ සේවය අවශ්‍ය වුවහොත්, ඒ සේවය මම ඔබට ලබා දෙන්න සූදානම්!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button