එංගලන්තයට ලකුණු 190ක ඉලක්කයක්

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (1) පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි20 තරගයේදී එංගලන්තයට ලකුණු 190ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 189ක ප්‍රහාරාත්මක ලකුණු සංඛ්‍යාවක් ගොඩනැගීය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක පන්දු 22ක් තුළ ලකුණු 40ක් රැස් කළ අතර, පැතුම් නිස්සංක (34), කමිල් මිශාර (36) සහ කුසල් මෙන්ඩිස් (32) ඉනිමට සවිමත් අඩිතාලමක් එක් කළහ.
මෙම තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ වෙනුවට පවන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබේ.
දෙරට අතර පැවැති පළමු තරගය එංගලන්තය ජයගෙන ඇති බැවින්, තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක වේ.
