‘ඩිජිටල්’ ප්‍රහාරයක්! ක්‍රිකට් බේරාගැනීමේ අවසන් සටන ඇරඹෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින දූෂිත පරිපාලනයට එරෙහිව රට පුරා මෙන්ම විදේශයන්හි වෙසෙන ක්‍රීඩාලෝලීන් සංවිධානය වෙමින් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබේ.
සම්මි ප්රමුඛ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ඉවත් කරන ලෙස බල කරමින් මහජන ඔන්ලයින් (Online) පැත්සමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එය සමාජ මාධ්‍ය ජාලයන් හරහා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
මෙම අරගලය සඳහා එක්වීමට ක්‍රීඩාලෝලීන්ට වීදි බැසීමට අවශ්‍ය නොවන අතර, තමන් සිටින තැනක සිටම ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ තම විරෝධය පළ කිරීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබේ.
අදාළ සබැඳිය (Link) ඔස්සේ ගොස් තමන්ගේ නම සහ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කර, මෙම දූෂිත පාලනයට එරෙහි වීමට හේතුව සඳහන් කිරීමෙන් ඕනෑම අයෙකුට මෙම පැත්සමට දායක විය හැකිය.
විශේෂත්වය වන්නේ මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොව, තම මව් භාෂාවෙන්ම අදහස් පළ කිරීමට පහසුකම් සලසා තිබීමයි. “ලෝකයේ කරන්න බැරි කිසිවක් නැත” යන තේමාව යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් එකට එක්වන ලෙසත්, මෙම පැත්සම හරහා පාලක මණ්ඩලයට එරෙහිව ප්‍රබල මහජන බලපෑමක් එල්ල කරන ලෙසත් ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටියි.
