Cricket News

පළමු ජය එංගලන්ත කණ්ඩායමට‍

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරකයින්ට අවස්ථාව හිමිවිය.

අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් ඉනිමක් පන්දුවාර 17කට සීමා කිරීමට විනිසුරුවන් පියවර ගෙන තිබුණි. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 133ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් සහ පැතුම් නිස්සංක ලකුණු 23ක් ලබා ගනිමින් යම් සටනක් ලබාදීමට උත්සාහ කළහ.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ආදීල් රෂීඩ් සහ සෑම් කරන් කඩුලු 03 බැගින් බිඳ හෙලීමට සමත් විය. මෙහිදී විශේෂ අවධානයක් දිනාගත් සෑම් කරන්, ශ්‍රී ලංකා ඉනිමේ 16 වන පන්දුවාරය තුළ අතිවිශිෂ්ට කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) දවාගනිමින් ශ්‍රී ලංකා පසුපෙළ සුණු විසුණු කර දැමීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button