Cricket News
ප්‍රබලයන් 3 ක් පසු කළ වනිඳු ලෝකයෙන්ම දෙවන තැනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අද අතිශය ආඩම්බර විය හැකි පුවතක් වාර්තා වෙනවා. ඒ අපේ දඟපන්දු යවන සුපිරි තරුව, වනිඳු හසරංග T20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමයි!
වනිඳු මේ සුවිශේෂී කඩඉමට ළඟා වුණේ ක්‍රිකට් ලොව දැවැන්තයින් වන ලසිත් මාලිංග, රෂීඩ් ඛාන් සහ ෂහීඩ් අෆ්රිඩි වැනි ක්‍රීඩකයින් පවා පසුකර යමින්. මේ වන විට වනිඳු ලෝක කුසලාන තරගවලදී කඩුලු 40ක් බිඳ දමා තිබෙනවා.
දැන් වනිඳුට ඉදිරියෙන් ඉතිරිව ඇත්තේ කඩුලු 50ක් ලබා සිටින බංගලාදේශයේ ෂකිබ් අල් හසන් පමණයි. වනිඳු පන්දු යවන වේගය සහ දක්ෂතාවය අනුව බලන කල, ෂකිබ්ගේ ඒ වාර්තාවත් ඉතා ඉක්මනින්ම බිඳ වැටෙන බව නම් ස්ථිරයි.
