Cricket News

වනිඳුට MRI ස්කෑන් පරීක්ෂණයක්! වෙනත් ක්‍රීඩකයෙක් සංචිතයට කැඳවයි!

ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගගේ ස්කෑන් පරික්ෂණ වාර්තාවක් අද පස්වරුවේ ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි පියවර තීරණය කිරිමට නියමිත බවයි ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, ඕමානය සමඟ ඉදිරි තරගයේදී වනිදු හසරංග විවේක ගැන්වීමට ද ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

වනිඳු හසරංග ඊයේ තරගය අතරතුර පාදයේ මස්පිඬු ආබාධයකට ලක්ව වරින් වර ප්‍රතිකාර ගන්මින් ක්‍රීඩා කළ නමුත් එහිදී ඔහු කඩුලු 3 ක් බිඳ හෙළීමට ද සමත් වුණා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button