Cricket News

ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් නියමුවාගේ කෙරුවාව මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ගැරි කර්ස්ටන් වසර දෙකක කාලයක් සඳහා පත් කර තිබේ.

මෙම පත්වීම ලබන මස 15 වැනිදා සිට බලාත්මක වීමට නියමිතය.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියාව 2011 ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර දකුණු අප්‍රිකාව ලොව අංක 01 කණ්ඩායම බවට පත් විය. ජාත්‍යන්තර ලකුණු 14,000කට වඩා රැස්කර ඇති ඔහු අත්දැකීම් බහුල දක්ෂයෙකි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පුනරුදයක් අපේක්ෂාවෙන් ලෝක පූජිත පුහුණුකරුවෙකු වන ගැරී කර්ස්ටන් මහතා ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා නිල වශයෙන් පත් කර තිබේ. 1993 සිට 2004 දක්වා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,289ක් සහ එක්දින ලකුණු 6,798ක් රැස් කරමින් දැක්වූ විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයට නොදෙවැනි පුහුණුකාරීත්ව ඉතිහාසයක් ඔහු සතුය.

විශේෂයෙන්ම 2011 වසරේදී ඉන්දීය කණ්ඩායමට එක්දින ලෝක ශූරතාව දිනා දීමටත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම ලොව අංක එකේ කණ්ඩායම බවට පත් කිරීමටත් ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේය.

පසුගිය කාලසීමාව තුළ පාකිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළද එරට ක්‍රිකට් පරිපාලනයේ පවතින අක්‍රමිකතා හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූ අතර, 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු නැමීබියා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

ඒ අනුව, එළඹෙන 2026 අප්‍රේල් 15 වනදා සිට 2028 අප්‍රේල් 14 වනදා දක්වා වසර දෙකක කාලයක් සඳහා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව ඇත. 2027 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ලෝකයේ ප්‍රබල කණ්ඩායමක් බවට පත් කිරීමේ භාරදූර අභියෝගය දැන් ගැරී කර්ස්ටන් හට හිමිව තිබීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button