Cricket News
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකට රතු එළියක්!

යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ.
ඒ එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟය.
යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදිකෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස (01) වනදා ආරම්භ වුණි.
