ශුද්ධ දළ ලකුණු වේගය අනුව ශ්රී ලංකාව B කාණ්ඩයේ අසීරු අඩියකට! අද තරඟය ශ්රී තීරණාත්මකයි

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ යම් වෙනස්කම් කිහිපයක් ඊයේ (11) සිදු විය. ඒ අනුව මෙතෙක් පෙරමුණේ පසුවූ ශ්රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානය දක්වා පසුබැස ඇති අතර, ඕස්ට්රේලියානු කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වී තිබේ.
අද දින අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ඕස්ට්රේලියාව ලකුණු 67ක විශිෂ්ට ජයක් ලැබීමත් සමඟ ඔවුන් ප්රසාද ලකුණු 2ක් සහ +3.350ක ඉහළ ශුද්ධ දළ ලකුණු වේගයක් (Net Run Rate) රඳවා ගනිමින් සටහනේ ප්රථම ස්ථානයට පත් විය. සිම්බාබ්වේ කණ්ඩායම ද ප්රසාද ලකුණු 2ක් සහ +2.702ක දළ ලකුණු වේගයක් සහිතව දෙවන ස්ථානයේ පසුවෙයි.
ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය ජයග්රහණය කර තිබුණද, ඔවුන්ගේ ශුද්ධ දළ ලකුණු වේගය +1.000ක් ලෙස සටහන් වීම හේතුවෙන් ඔවුන්ට තෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදු විය.
කෙසේ වෙතත්, ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය හෙට (12) මහනුවර පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ඕමාන් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. මෙම තරගයෙන් ඉහළ ලකුණු වේගයක් සහිතව ජයග්රහණය කිරීම හරහා නැවතත් ප්රසාද ලකුණු සටහනේ ඉහළට ඒමට ශ්රී ලංකාවට අවස්ථාව පවතී.
