Cricket NewsEXCLUSIVEIPLPremier League

අයි­පී­එල් අව­සන් සට­නට පෙර පන්සල් අතුගාන ගෞතම් ගම්බීර්

හිටපු ඉන්දීය ආර­ම්භක පිති­කරු සහ අයි­පී­එල් අව­සන් මහා තර­ග­යට පිවිසි කොල්කටා නයිට් රයි­ඩර්ස් කණ්ඩා­යමේ උප­දේ­ශක ගෞතම් ගාම්භීර් ප්‍රමුඛ එම කණ්ඩා­යම පසු­ගි­යදා උදෑ­සන ගුව­හා­ටිහි නිල­චල් කඳු­ක­රයේ පිහිටි ඓති­හා­සික ශක්ති පීත් කමඛ්‍යා විහා­ර­ස්ථා­න­යට ගියේය. ගාම්භීර් දැඩි ආර­ක්ෂාව මධ්‍යයේ කාමාක්‍යා දේවි­ය­ගෙන් ආශි­ර්වාද ලබා ගැනී­මට කණ්ඩා­යම සමඟ පැමිණ සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

භාර­තීය ජනතා පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙකු ද වන ගෞතම් ගාම්භීර් දේව ආශි­ර්වා­දය ලබා ගැනී­මට පෙර විහා­ර­ස්ථාන පරි­ශ්‍රය පිරි­සිදු කළේය.  මේ සංචා­රයේ අධ්‍යා­ත්මික වැද­ග­ත්කම තවත් වැඩි කර­මින් ශක්ති පීත් කාමාඛ්‍යා විශේෂ පූජා­ව­කට ද ගාම්භීර් සහ­භාගී වූ බව අනා­ව­ර­ණය විය.

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් අව­සන් මහා තර­ගය චෙන්නායි චිද­ම්බ­රම් ක්‍රීඩාං­ග­ණ­යේදී මේ 26 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය. ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ කොල්කටා නයිට් රයි­ඩර්ස් කණ්ඩා­යමේ අයි­ති­කරු බොලි­වුඩ් රජු ෂාරුක් ඛාන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button