Cricket GossipCricket NewsEXCLUSIVE

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­යින් අත­රට

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­යින් අත­රට පැමිණ ඇත. රෝහිත් ෂර්මා සතු දේප­ළ­ව­ලට අම­ත­රව සුඛෝ­ප­භෝගී වාහන ඇතුළු කෝටි ගණ­නක වත්කම් තිබේ. රෝහිත් ශර්මා ඉන්දීය පිලේ ක්‍රිකට් ආකෘති තුනේම නාය­ක­යාය. ඉන්දීය ක්‍රිකට් ආය­ත­නයේ මධ්‍යම කොන්ත්‍රා­ත්තුවේ රෝහිත් ඉහ­ළම A+ ශ්‍රේණි­යට ශ්‍රේණි­ගත කර ඇත. මෙම ශ්‍රේණියේ ක්‍රීඩ­ක­යින්ට ඉන්දීය ක්‍රිකට් වාර්ෂි­කව ඉන්දීය රුපි­යල් කෝටි 7ක් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 26ක්) ගෙවයි.

මධ්‍යම කොන්ත්‍රා­ත්තු­වට අම­ත­රව ඉන්දීය ක්‍රිකට් ආය­ත­නය ක්‍රීඩ­ක­යින්ට තරග ගාස්තු ද ගෙවයි. රෝහිත්ට ටෙස්ට් තරග ක්‍රීඩා කිරී­මට ඉන්දීය රුපි­යල් ලක්ෂ 15ක්, එක්දින ක්‍රීඩා කිරී­මට රුපි­යල් ලක්ෂ 6ක් සහ විස්සයි20 ක්‍රීඩා කිරී­මට රුපි­යල් ලක්ෂ 3ක් තර­ග­යෙන් තර­ග­යට ගෙවනු ලබයි.

අයි­පී­එල් තර­ගා­ව­ලියේ සාර්ථ­කම නාය­කයා රෝහිත් ෂර්මා වන අතර, ඔහු මුම්බායි ඉන්දි­යන්ස් වෙනු­වෙන් පස් වතා­වක් කුස­ලා­නය දිනා තර­ග­වාර 17කදී උපයා ඇති මුදල රුපි­යල් කෝටි 196කි (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 653කි).

ඉන්දීය ක්‍රිකට් නාය­ක­යාගේ සන්නාම වටි­නා­ක­මද ඉතා ඉහ­ළය. ඇඩි­ඩාස්, හිබ්ලොට්, ඕක්ලේ, සියැටි, නිසාන්, ඔපෝ, ලා ලිගා හා ඩ්‍රීම් ලෙවන් වැනි සන්නාම ප්‍රධා­නි­යකු ලෙස කෝටි ගණ­නින් මුදල් උපයා ගනී. ටයිම්ස් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්තිවලට අනුව, රෝහිත් ෂර්මා දැන්වී­මක් සඳහා රුපි­යල් කෝටි පහක් අය කරයි. ඔහු මුම්බායි හි ක්‍රිකට් කිංඩම් නමින් ක්‍රිකට් ඇක­ඩ­මි­යක් විවෘත කර ඇත.

ඇක­ඩ­මිය සිංග­ප්පූ­රුව, ජපා­නය, අ‌ෙම­රි­කාව සහ බංග්ලා­දේ­ශය වැනි රට­වල ද ක්‍රියා­ත්මක වේ. රෝහිත් ෂර්මා ව්‍යව­සා­ය­ක­යෙක් බවට පත්වෙ­මින් 2015 වසරේ Rapidobotics නම් සමා­ග­මක ආයෝ­ජ­නය කළේය. 2021 වර්ෂ­යේදී ඔහු සෞඛ්‍ය සේවා ආය­ත­න­යක් වන Verots Wellness Solutions හි මුදල් ආයෝ­ජ­නය කළේය.

රෝහිත් බිරිඳ රිතිකා සජ්දේ සහ දිය­ණිය සම­යිරා ෂර්මා සමඟ මුම්බායි අහුජා ටවර්ස් හි වර්ග අඩි 6000ක සුඛෝ­ප­භෝගී මහල් නිවා­ස­යක වාසය කරයි. මෙම නිව­සට අරාබි මුහුදේ සහ මුම්බායි අහ­සෙහි විශ්ම­ය­ජ­නක දර්ශන ලබා දෙන බව වාර්තා වේ. මෙම නිවස රෝහිත් විසින් ඉන්දීය රුපි­යල් කෝටි 30කට මිලදී ගෙන ඇත. ඔහුට වාහන එක­තු­වක් ඇති අතර, එක් ලැම්බෝ­ගිනි රථ­යක වටි­නා­කම ඉන්දීය රුපි­යල් කෝටි 3.15කි.

රෝහිත් විසින් අඩු වර­ප්‍ර­සාද සහිත ළමුන් සඳහා පිළිකා ප්‍රති­කාර සඳහා ආධාර කර­මින් සිටින අතර, කොරෝනා අර­මු­ද­ලට ඉන්දීය රුපි­යල් ලක්ෂ 80ක් පරි­ත්‍යාග කළේය.රෝහිත් 2007 වසරේ සිය මංගල ක්‍රිකට් ගමන ආරම්භ කළ අතර, 2021 වසරේ ඉන්දීය කණ්ඩා­යමේ නාය­කයා බවට පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button