ඊයේ ක්‍රිකට් පිටිය දෝංකාර දුන්නේ මෙහෙමයි

දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ඇෆ්ගනිස්තානය පරදා දකුණු අප්‍රිකාවට ජය………………. ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයයේ දෙවෙනි සුපිරි පන්දුවාරයේ ජය හිමිකර ගැනිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ඇරඹුණු කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 187ක් හිමිකර ගත්තා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් Quinton de Kock ලකුණු 59ක් ලබා ගත් අතර Ryan Rickelton ලකුණු 61ක් රැස්කර ගැනීමට සමත් වුණා.Dewald Brevis ට ලබා ගත හැකි වියේ ලකුණු 23ක් පමණයි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 187ක් ලබා ගත්තා.එහිදී Rahmanullah Gurbaz ලකුණු 84ක් රැස්කර ගැනීමට සමත් වුණා. අයර්ලන්තය පරදා ඔස්‍ට්‍රේලියාවට ජය…………………………………………. 2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (11) පැවැති අයර්ලන්ත – ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ අයර්ලන්තය ලකුණු 67කින් පරාජයට පත් කරමින්කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුණු ඊයේ(11) තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Josh Inglis ලකුණු 37ක් ලබාගත් අතර Marcus Stoinis ලකුණු 45ක් රැස්කර ගැනීමට සමත් වුණා.Matt Renshawට ලබාගත හැකිවූයේ ලකුණු 37ක් පමණයි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස්කර ගැනීමට සමත් වුණා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමයට සියලු දෙනා දැවි ලබාගත හැකිවූයේ ලකුණු 115ක් පමණයි.අයර්ලන්තය වෙනුවෙන් George Dockrell පන්දු 29ක් තුළ ලකුණු 41ක් රැස්කර ගැනීමට සමත් වුණා.Lorcan Tucke ලකුණු 24ක් රැස්කර ගැනීමට සමත් වුණා.
එංගලන්තය පරදා කොදෙව්වන්ට ජය……………………………… 2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (11) පැවැති එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු 30 කින් පරාජයට පත් කරමින්.
මුම්බායි Wankhede ක්‍රීඩාංගණයේදී ඇරඹුණු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් පිළට ආරාධනා කළා.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Sherfane Rutherford ලකුණු 74ක් ලබාගත් අතර Roston Chase ලකුණු 34ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත් වුණා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමයට සියලු දෙනා දැවි ලබාගත හැකිවූයේ ලකුණු 166ක් පමණයි.
