Cricket GossipCricket NewsEXCLUSIVE

ක්‍රීඩා­වෙන් සමු­ගත් ඇන්ඩ­ර්සන් බිරිය සමඟ පිනට දහමට යොමු වෙයි.!

එංග­ල­න්තයේ ජන­ප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩ­ර්සන් ක්‍රිකට් ක්‍රීඩා­වෙන් සමු­ගෙන සිය බිරිය සමඟ පුණ්‍ය කට­යු­තු­වල නිරත වේ. වසර 20ක් වෘත්තී­ය­මය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඇන්ඩ­ර්සන්ගේ සමු­ගැ­නී­මත් සමඟ ඔහුගේ ආදර කතා­වද ඉතා රස­වත් බව මාධ්‍ය මඟින් අනා­ව­ර­ණය වෙමින් පවතී.

ජේම්ස් ඇන්ඩ­ර්සන් 2006 දී මෝස්තර නිරූ­පි­කා­වක් වන ඩැනි­යෙල් ලොයිඩ් සමඟ විවාහ වූ අතර, ඔවුන් දෙදෙනා මුලින්ම මුණ­ගැ­සුණේ 2004දී ලන්ඩ­නයේ රාත්‍රී සමාජ ශාලා­ව­ක­දීය. අවු­රුදු දෙකක පෙම් සබ­ඳ­තා­ව­කින් පසු ඩැනි­යෙල් සිය මෝස්තර නිරූ­පිකා වෘත්තිය අත්හැර සිය සැමියා සමඟ ලන්ඩ­න­යට ගොස් පවුලේ හා පුණ්‍ය කට­යුතු සඳහා කාලය වෙන් කළාය.

ඇන්ඩ­ර්සන්ගේ බිරිය දැන් සමාජ සේවි­කා­වක් වන අතර ගර්භිණී සම­යේදී තම දරුවා අහිමි වූ කාන්තා­වන්ට උප­කාර කරන ‘ගුඩා­බායි චැරටි’ නම් පුණ්‍යා­ය­ත­න­යක සේවය කර­න්නීය.

ජේම්ස් ඇන්ඩ­ර්සන් සහ ඩැනි­යෙල්ට ලෝලා රෝස් සහ රූබි ලක්ස් යන දිය­ණි­යන් දෙදෙ­නෙක් සිටිති. ඇන්ඩ­ර්සන් ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවා­ගෙන ඇත. ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම තරග සංඛ්‍යා­වක් ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යන්ගේ ලැයි­ස්තුවේ දෙවැ­නියා වේ. ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තර­ග­ව­ලදී වැඩිම කඩු­ලු­ලා­භීන් අතර තෙවැනි ස්ථානයේ පසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button