Cricket GossipCricket NewsEXCLUSIVE
තරඟ පාවාදීමකට සම්බන්ධ විත්තිකරුවෙක් අධිකරණයේ දෑසට වැලි ගසා පලායයි.

ඉකුත් වසරේ මහනුවර පල්ලෙකැලේ පැවැති ලෙජනඩ් ට්‍රෝෆි ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට යෝජනා කළේ යැයි චෝදනා ලබා ඇප මත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගි පටෙල් නැමැත්තා අධිකරණය මගහැර රටින් පලා ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම කරුණට අදාළව නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන මෝසමේ මේ බව සඳහන් කර ඇත.
මෙම කරුණු සලකා බැලූ මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අදාල විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පෙරේදා (24) වරෙන්තු නිකුත් කිරීමටද නියෝග කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1