Cricket NewsEXCLUSIVE

නායක බැල්බර්නි ගේ සටන් කාමී ඉනිම අයර්ලන්තයට ඓතිහාසික ජයක් ගෙන එයි ! ඇෆ්ගනිස්තානය පරාදා අයර්ලන්තය කුළුඳුල් ටෙස්ට් ජය ලබයි!

තම කුළුඳුල් ටෙස්ට් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබාගන්නට අයර්ලන්තය අද සමත් වූයේ අබුඩාබි හිදී ඇෆ්ගනිස්තානය කඩුලු 6 කින් පරාජය කරමින්.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 155 ක් රැස් කල අතර ඊට පිළිතුරු ලෙසින් අයර්ලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 263 ක් රැස් කලේය.

අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 108 ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ඇෆ්ගනිස්තානයට සියල්ලන්ම දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 218 ක් පමණයි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානය කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කරගියේය.

කඩුලු 3 ක් දැවී විටෙක අසීරු තත්වයේ පසුවූ අයර්ලන්ත ඉනිම වෙනුවෙන් නායක බැල්බර්ණි ලකුණු 58 ක නොදැවුණු සටන්කාමී ඉනිමකින් දායකත්වය ලබාදුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
4
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button