Cricket NewsEXCLUSIVEIPLPremier League

මුම්බායි ඉන්දියන්ස් දෙකට බෙදුණේ පාණ්ඩ්යාට ‘හූ’ තියද්දී රෝහිත් නිහඬ වූ නිසයි – ආරොන් ෆින්ච්ගෙන් රෝහිත්ට චෝදනාවක්

මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර, බරපතළ පිල් බෙදීමක් ඇතිවී පරාජය ආරම්භ වූයේ හර්දික් පාණ්ඩ්යාගේ නව නායකත්වයට ප්‍රේක්ෂකයන් ‘හූ’ කියමින් විරෝධය පළ කරද්දී හිටපු නායක රෝහිත් ෂර්මා නිහඬව සිටීමෙන් බව ඔස්ට්‍රේලියානු හිටපු නායක ආරොන් ෆින්ච් පවසයි.

ආරොන් ෆින්ච් අනුමාන කළේ මුම්බායි ඉන්දියන්ස් නායකත්වය අහිමිවූ රෝහිත්ගේ උසි ගැන්වීම් මත පාණ්ඩ්යාට ‘හූ’ හඬ එල්ල වූ බවය.

“අයිපීඑල් තරගාවලියේ රෝහිත්ගෙන් මා දැකීමට කැමති වූ එකම දෙය නම් පාණ්ඩ්යාට ‘හූ’ තියද්දී යම් ආකාරයක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමයි. පාණ්ඩ්යා කෙරෙහි මහජන අමනාපය ඇදහිය නොහැකි තරම් වුණා. රෝහිත් එළියට ඇවිත් ප්‍රසිද්ධියේ යමක් කියන්න තිබුණා. මහජනතාවට පණිවිඩයක් දෙන්න තිබුණා. ‘පාණ්ඩ්යාගේ පත්වීම මුම්බායි ඉන්දියන්ස් සැලැස්මේ කොටසක්. පාණ්ඩ්යාට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ නිසා හූ තියන්න එපා’ රෝහිත් එහෙම කියන්න තිබුණා. එහෙනම් මිනිස්සු ඒක අහනවා කණ්ඩායම බෙදෙන්නෙත් නෑ. බොහෝ දේවල් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට තිබුණා” ආරොන් ෆින්ච්, රෝහිත් ෂර්මාගේ පැත්තට ඇඟිල්ල දිගු කරමින් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
0
+1
36
+1
0
+1
2
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button