Cricket NewsEXCLUSIVELPL

ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 තර­ගා­ව­ලිය රටේ ඩොලර් අර්බු­ද­යට විශාල වාසි­යක් – තර­ගා­වලි අධ්‍යක්ෂ සමන්ත දොඩ­න්වෙල

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ලෙසින් හැඳි­න්වෙන ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 තර­ගා­ව­ලි­යෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන ගණ­නක් ශ්‍රී ලංකා­වට ගලා­එන බවත්, ශ්‍රී ලංකා­වෙන් ඩොලර් පිට­තට නොයන බවත් තර­ගා­වලි අධ්‍යක්ෂ සමන්ත දොඩ­න්වෙල මහතා පැවැ­සීය. එබැ­වින් ශ්‍රී ලංකාවේ පව­තින විදේශ විනි­මය අර්බු­ද­යට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවි­ධා­නය කරන මේ එල්පී­එල් තර­ගා­ව­ලි­යෙන් අති විශාල වාසි­යක් සිදු වන බව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමු­ව­කදී සමන්ත දොඩ­න්වෙල මහතා පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකාවේ ක්‍රීඩ­ක­යන්ට ගෙවීම් කරද්දී අමෙ­රි­කානු ඩොල­ර්ව­ලින් ගෙව­නවා. විදෙස් ක්‍රීඩ­ක­යන්ට මුදල් ගෙවීම් අපෙන් සිදු වන්නේ නෑ. ඒ කණ්ඩා­ය­ම්වල අයි­ති­ක­රු­වන් විසින් එම විදෙස් ක්‍රීඩ­ක­යන්ට ගෙවීම් කරන්නේ. එම අයි­ති­ක­රු­වන් පිට­රට අය නිසා ඔවුන් ඒ රට­ව­ලින්ම ගෙවීම් සිදු කර­නවා. මේ තර­ගා­ව­ලිය ශ්‍රී ලංකා ආර්ථී­ක­යට ඉතා හොඳ දෙයක්. වෙන්දේ­සි­යේදී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2.5ක් කණ්ඩා­යම් 5 විය­දම් කර­නවා. තර­ගා­ව­ලිය ආර­ම්භ­යේ­දීම හෝටල් කාමර 500ක් – 600ක් අතර ප්‍රමා­ණ­යක් අව­ශ්‍යයි. හෝටල් කාම­ර­වල රාත්‍රී නවා­තැන් ගැනීම් 20,000ක් පමණ සිදු වෙනවා. ඒකෙන් හෝටල් ව්‍යාපා­ර­යට වාසි­යක් වෙනවා. මේ තර­ගා­ව­ලිය හරහා සෑම ක්ෂේත්‍ර­ය­කම සෘජු හා වක්‍ර ආදා­යම් මාර්ග ඇති­වන නිසා රටක් ලෙස වාසි රැසක් හිමි වෙනවා” එල්පී­එල් තර­ගා­වලි අධ්‍යක්ෂ සමන්ත දොඩ­න්වෙල මහතා පැහැ­දිලි කළේය.

මෙවර තර­ගා­ව­ලියේ වෙන්දේ­සිය මේ 21 වැනිදා කොළඹ තරු පහේ හෝට­ල­ය­කදී පැවැ­ත්වෙන අතර, ඒ සඳහා විදෙස් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් 260ක් ඉදි­රි­පත් කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිර්දේශ අනුව ක්‍රීඩ­ක­යන් 140ක් වෙන්දේ­සි­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

එල්පී­එල් තර­ගා­වලි වෙන්දේ­සි­යට ශ්‍රී ලංකාවේ ප්‍රධා­න­තම ක්‍රීඩා සමා­ජ­ව­ලින් ක්‍රීඩ­ක­යන් දෙදෙ­නෙකු බැගින් නම් කොට ඇති අතර, ඔවුන් ද වෙන්දේ­සි­යට ඉදි­රි­පත් කොට තිබේ.

ලියා­ප­දිංචි වූ ක්‍රීඩ­ක­යන් අතරේ වැඩි වශ­යෙන් පකි­ස්තා­නය, නව­සී­ල­න්තය, බංග්ලා­දේ­ශය, දකුණු අප්‍රි­කාව, ඇෆ්ග­නි­ස්තා­නය සහ සිම්බාබ්වේ යන රට­වල ක්‍රිකට් තරු ඇතු­ළත්ව සිටිති.

කණ්ඩා­යම් පහ­කින් සම­න්විත මේ තර­ගා­ව­ලිය ලබන ජූලි 1 දා සිට 21 දක්වා මහ­නු­වර පල්ලෙ­කැලේ, දඹුල්ල ක්‍රීඩාං­ග­ණය හා කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණය කේන්ද්‍ර‍ෙ­කාට පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. පසු­ගිය වස­රේදී වනිඳු හස­රං­ගගේ නාය­ක­ත්ව­යෙන් යුත් බී ලව් කැන්ඩි පිල ශූර­යන් බවට පත්වූ හෙයින් තර­ගා­ව­ලිය මහ­නු­ව­රින් ආරම්භ කිරී­මට කට­යුතු යොදා ඇත.

එල්පී­එල් ක්‍රීඩක වෙන්දේ­සිය ඉන්දි­යානු ක්‍රිකට් විචා­රක, ඉන්දීය ප්‍රෝ කබඩි ලීගයේ අධ්‍ය­ක්ෂක හා ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් කණ්ඩා­යමේ හිටපු ප්‍රධාන විධා­යක චාරු ෂර්මා විසින් මෙහෙ­ය­වනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button