Cricket NewsEXCLUSIVE

” විරාට් කෝලි අයි.පී.එල් ශූරතාව ලැබීමට සුදුසුයි. ඒ සඳහා ඔහුට උපකාර කළ හැකි කණ්ඩායමක ක්‍රීඩා කලයුතුයි.”-RCB වෙනුවට වෙනත් කණ්ඩායමක් කෝලි තෝරාගත යුතු බව කෙවින් පීටර්සන් කියයි!

ඉන්දීය ප්‍රිමියර් ලීගය බිහිකල සාර්ථකම පිතිකරුවා වන්නේ විරාත් කෝලි.ඔහු තම අයිපීඑල් දිවිය ආරම්භයේ සිටම රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝනය කල අතර මෙවරද ඔවුන් තරඟාවලිය නිමා කලේ ශූරථාවයට හිමිකම් නොකියමින්.

මේ පිළිබඳව අදහස් දක්වන හිටපු එංගලන්ත නායක කෙවින් පීටර්සන් කියා සිටියේ විරාට් කෝලි දිල්ලි කණ්ඩායමේ ක්‍රීඩා කල යුතු බවයි.

” විරාට් කෝලි අයි.පී.එල් ශූරතාව ලැබීමට සුදුසුයි. ඒ සඳහා ඔහුට උපකාර කළ හැකි කණ්ඩායමක ක්‍රීඩා කලයුතුයි. ඇත්තටම මම හිතන්නේ ඒ දිල්ලිය විය යුතුයි. දිල්ලි කණ්ඩායම තමයි ඔහු යායුතු ස්ථානය. අමතක කරන්න එපා විරාට් දිල්ලි කොල්ලෙක්. ඇයි ඔහුට ආපහු යන්න බැරි ?”

යනුවෙන් ඔහු මාධ්‍ය වෙත කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button