Cricket GossipCricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ නව සභාපති ලෙස රවීන් වික්‍රමරත්න මහතා තේරී පත් වෙයි.

එම සංගමයේ 2024/26 වසර සඳහා නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම පසුගිය දිනවල සිදු කළ අතර, එහිදී සභපති තනතුර සඳහා නිතරඟයෙන් පත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාට හැකි විය.

එහි ප්‍රධාන ලේකම් ලෙස උපුල් වැවගේ මහතාත් භාණ්ඩාගාරික ලෙස වසන් ආරියවික්‍රම මහතාත් තේරී පත්වූ අතර, තරග පැවරුම් ලේකම් ලෙස පාලිත කුලතුංග මහතාත් පත් වූ අතර, මේ සියලු පත්වීම් නිතරඟයෙන්ම සිදුවීම කැපී පෙනිණි. මේ සංගමයේ මහ සභාව සහ නිලවරණය ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button