Cricket NewsEXCLUSIVELPLPremier League

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළියේ වෙන්දේසිය අදයි.

රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද කොළඹ හිල්ටන් හෝටලයේදී දහවල් 12 ට ආරම්භ වේ. මෙය සජීව ලෙස ලොව පුරා විකාශය කෙරෙන අතර, ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් පසු එලෙස සජීව අත්දැකීමක් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියකදී සිදුකෙරෙන පළමු අවස්ථාව මෙය වේ.

මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින් අතර, නවසීලන්තයේ මාටින් ගප්තිල්, ටිම් සවුති, මාර්ක් චක්මන්, හෙන්රි නිකලස්, ඔස්ට්‍රේලියාවේ උස්මන් කවාජා, ඇලෙක්ස් කේරි, ඇස්ටන් අගාර්, ඇලෙක්ස් රොස්, ජොස් පිලිප්ස්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් ප්‍රිටෝරියස්, ටබ්රිස් සම්සි, ලුන්ගි එන්ගිඩි, රිලී රසෝව්, බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන්, ජොන්සන් චාල්ස්, ඈෂ්ලි හර්ස්, කිමෝ පෝල්, ඇෆ්ගනිස්තානයේ රහ්මනුල්ලා ගුරුබාස්, මොහොමඩ් නබී, බංග්ලාදේශයේ තමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුජිබ් උර් රහ්මන්, පාකිස්තානයේ නසීම් ෂා වැනි ලොව දක්ෂ විදෙස් ක්‍රීඩකයින් 266ක් සිටිති.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 154ක්ද වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර එල්පීඑල් තරගාවලියට ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරේ වැඩි වශයෙන් නවසීලන්තය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ යන රටවල ක්‍රිකට් තරු ඇතුළත්ව සිටිති.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්කොට ඇති එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක (රුපියල් කෝටි 75ක් පමණ) මුදලක් වෙන්දේසියේදී වියදම් කළ හැකිය. එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියානු ක්‍රිකට් විචාරක, ඉන්දීය ප්‍රෝ කබඩි ලීගයේ අධ්‍යක්ෂක හා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිටපු ප්‍රධාන විධායක චාරු ෂර්මා විසින් මෙහෙයවනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button