Cricket NewsEXCLUSIVE

සියල්ලන්ම මවිතයට පත්කරමින් චෙන්නායි පැරදවූ බැංගලෝරය PLAY OFF වටයට !

සමස්ත ඉන්දියාවම උණුසුම් කල මෙවර අයිපිඑල් තරඟාවලියේ ඉදිරිය තීරණය කරන තීරණාත්මක තරඟය ඊයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී RCB හා CSK කණ්ඩායම් අතර පැවැත්විණි.

එහිදී ලකුණු 27 කින් CSK කණ්ඩායම පරදා Play off වටයේ ඉඩ වෙන් කරගන්නට RCB ක්‍රීඩකයින් සමත් විය.

විටින් විට තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවූ නමුත් තරඟය පන්දුවාර 20 ක තරඟයක් ලෙසින් ක්‍රීඩා කල අතර තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝරය පන්දුවාර 20 නිමාකලේ කඩුලු 5 කට ලකුණු 218 ක් රැස් කරගනිමින්.

නායක ෆැෆ් ලකුණු 54 ක් විරාත් කෝලි ලකුනු 47 කිනුත් ලකුනු පුවරුවට දායකත්වයක් දැක්වීය.

ලකුනු 219 ක ඉලක්කයක් හඹා ගිය CSK ක්‍රීඩකයින් හට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කලේ ලකුණු 191 ක් පමණයි.

රචින් රවීන්ද්‍ර ලකුණු 61 ක් හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 42 ක් රැස් කලේය.

ඒ අනුව පළමු වටයේ අවසන් තරඟය ලකුණු 28 කින් ජයගත් බැංගලෝරය අවසන් වටය වෙත පිවිසියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button