International

ඉන්දීය ටෙස්ට් නායකත්වයට පස්කොන් සටනක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය සඳහා ශූබ්මන් ගිල්, ජස්ප්‍රිට් බුම්රා, ලෝකේෂ් රාහුල්, ශ්‍රියාස් අයියර් සහ රිෂාබ් පාන්ට් යන ක්‍රීඩකයින්ගේ නම් ඒ සඳහා යෝජනා වී ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

රෝහිත් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ(07) ප්‍රකාශයට පත් කළේය.

ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවල පලවීමෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button