Cricket NewsEXCLUSIVELPL

ග්ලැඩියේටර්ස් හා ටයිටන්ස් වෙනුවට මෙවර ගාල්ල නියෝජනය කරමින් Galle Marvels මෙවර LPL සටනට !

ඉකුත් වසරේ LPL තරඟාවලියේදී Galle Titans ලෙසින් තරඟ වැදුනු කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා galle Marvels ලෙසින් තරඟාවලියට එක්වනු ඇත.

2024 ලංකා ප්‍රීමියර් ලීගයට (LPL 2024) තරග වදින ගාල්ල කණ්ඩායම සඳහා ගියවර ක්‍රීඩා කළ සමගිබල ජනවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලකට අයත්ව තිබූ, Galle Titans කණ්ඩායම වෙනුවට “Galle Marvels” යන නමින් නව කණ්ඩායමක් තරග වදින බව නිවේදනය කර ඇත.

මෙම නව “Galle Marvels” කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දියානු ව්‍යාපරිකයින් හතර දෙනෙකුට අයත් Cricket Marvels LLC නම් සමාගමක් විසින් දරණු ලබන අතර,
එහි ප්‍රධාන හිමිකාරිත්වය ඉන්දීය Thakkar Group සමාගමෙහි “Prem Thakkar” හට හිමි වී ඇත.

මීට අමතරව ඉන්දීය Tattva Group සමාගමේ Malav Patel, Neil Patel සහ ඇමෙරිකාවේ Aanya Properties LLC සමාගමේ Himanshu Patel යන ඉන්දීය ජාතික ව්‍යාපාරිකයින් තිදෙනාද Galle Marvels කණ්ඩායම අයත් මෙම Cricket Marvels LLC හි හිමිකරුවන් ලෙස කටයුතු කරයි.

මේ සමඟ Galle Gladiators, Galle Titans සහ Galle Marvels ලෙස තුන්වරක් LPL තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නම සහ හිමිකරුවන් වෙනස් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button