Cricket NewsEXCLUSIVE

තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවට තරඟාවලි ජයක් !

සංචාරක ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවැනි තරඟය අද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

එහිදී ලකුණු 72 ක දැවැන්ත ජයක් ලැබූ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලියේ ජයට හිමිකම් කීහ.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුල ලකුණු 187 ක් රැස් කරන්නට සමත් විය.තම මංගල අර්ධ ශතකයට හිමිකම් කී සදීර ලකුණු 51 ක් රැස් කිරීමට සමත් වූ අතර ඉනිමේ විශිෂ්ඨතම ඉනිම මැතිව්ස්ගෙන් වාර්ථා වූයේ අඩපණ වූ ශ්‍රී ලංකා ඉනිමට වේගවත් අවසානයක් එක් කලේ පන්දු 22ක් තුල ලකුණු 42 ක් රැස් කරමින්.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක් හඹා ගිය ඇෆ්ගනිස්තානයට සියල්ලන්ම දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණයි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බිනුර ප්‍රනාන්දු හා වනිඳු හසරංග අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරඟය ලකුණු 72 කින් ජයගනිමින් තරඟාවලිය තරඟ 2-0 ක් ලෙසින් ජයගත් අතර තරගයේ වීරයා ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button