Cricket NewsEXCLUSIVE

පරාජයේ අවමානය අකාමකා ගත් ෆිල් සෝල්ට් ගේ ශතකය එංගලන්තයට වාර්ථාගත ජයක් හිමිකරදෙයි ! හැරී බෲක්ස් පන්දුවාරයකදී තරඟය වෙනස් කරයි !

Grenada හිදී එංගලන්තයත් බ.ඉ.කොදෙව්වන් අතරත් පැවැති තෙවැනි විස්සයි විස්ස තරඟය කඩුලු 7 කින් ජයග්‍රහණය කරන්නට සංචාරක කොදෙව්වන් සමත් වූයේ වාර්ථාගත හඹායෑම නිරත වෙමින්.

කාසියේ වාසිය දිනාගත් එංගලන්තයේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 6 ක් දැවී ලකුණු 222 ක් රැස් කරමින්.නිකලොස් පූරන් ලකුණු 82 ක් රැස් කලේ පන්දු 45 ක් තුලයි.පන්දු යැවීමේදී රශීඩ් හා කරන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 19 කුත් පන්දු 5 කදී එම ඉලක්කය පසු කර ගියේ ලකුණු 226 ක් රැස් කරමින්.

එංගලන්ත විස්සයි විස්ස ඉතිහාසයේ දෙවැනි ඉහළම පෞද්ගලික ඉනිමට හිමිකම් කියූ ෆිල් සෝල්ට් නොදැවී ලකුණු 109 ක් රැස් කලේ පන්දු 56 ක් තුලයි.

පන්දුවාරයක් තුල තරඟය වෙනස් කිරීමට සමත් වූ හැරී බෲක්ස් පන්දු 7 කදී ලකුණු 31 ක් රැස් කලේ එංගලන්තය ජයග්‍රාහී සීමාවට තල්ලු කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button