Cricket NewsEXCLUSIVE

බංග්ලාදේශය කඩුලු 5 කින් පැරදවූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රාහීව අරඹයි ! පිට පිට වැඩිම එක්දින තරඟ ගණනක් ජයගත් කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව වාර්ථා අතරට !

ජගත් එක්දින පිටියේ අඛණ්ඩව ලද 11 වැනි එක්දින ජයග්‍රහණයත් වාර්ථා කරමින් ශ්‍රී ලංකාව අද ආසියානු කුසලානය ජයග්‍රාහීව අරඹන්නට සමත් වූයේ බංග්ලාදේශය කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරඟයේ මුලින්ම කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශයට පන්දුවාර 43 ක් තුල සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 164 ක් පමණයි.

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වෙමින් නජ්මුල් හොසෙන් ශාන්ටෝ ලකුණු 89 ක් රැස් කිරීමට සමත් වූ අතර නම්දැරූ පන්දු යවන්නන් අහිමි වූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ මතීශ පතිරණ කඩුලු 4 ක් හා මහීශ් තීක්ෂන කඩුලු 2 ක් බිඳ හෙළුවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 කදී එම ඉලක්කය පසුකර ගියේ කඩුලු 5 ක් ද ඇතැතිවයි.

පීඩනය හමුවේ සාර්ථක ඉනිම් දියත් කල චරිත් අසලංක නොදැවී ලකුණු 62 ක් රැස් කරද්දී සදීර සමරවික්‍රම ලකුණු 54 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ වෙනුවෙන් ශකීබ් අල්හසන් කඩුලු දෙක්ක් බිඳ හෙලීය.

ඒ අනුව තරඟාවලියේ වීරයා ලෙසින් මතීශ පතිරණ සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button