Cricket NewsEXCLUSIVE

මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි ! යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක් !

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමත් එංලගන්ත 19 න් පහළ කාන්තා කණ්ඩායමත් අතර පැවැති තුන්වැනි තරඟයෙන් ලකුණු 108 ක දැවැන්ත ජයක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් විය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 226 ක් සියලු දෙනා දැවී රැස් කරද්දී විශිෂ්ඨ ඉනිමක් දියත් කල රශ්මිකා සෙව්වන්දි ලකුණු 59 ක් රැස් කලේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවන් හට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ චමෝදි ප්‍රබෝදා කඩුලු 5 ක් බිඳ හෙලීය.ඇය තවමත් 14 වැනි වියේ පසුවීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
3
+1
1
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button