Cricket NewsInternational

රෝහිත් ගිය මග යමින් කෝලිත් විශ්‍රාම ගනී ?

ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි වාර්තා වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තීරණාත්මක එංගලන්ත සංචාරයක් එළඹෙන බැවින් එම තරග සංචාරයෙන් අනතුරුව ඔහුගේ එම තීරණය නැවත සලකා බලන ලෙස ඉහළ නිලධාරීන් ඉල්ලා ඇති බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

දින කිහිපයකට පෙර රෝහිත් ෂර්මා ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි කෝලිගේ මෙලෙස තීරණය කර ඇත්තේ.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම් 210ක් ක්‍රීඩාකර ඇති කෝලි මේ වනවිට ලකුණු 9,230ක් රැස්කරගෙන සිටියි.

ඉනිමක සාමාන්‍ය 46.85 ලෙසින් පවත්වාගෙන සිටින කෝලි ශතක 30ක් හා අර්ධ ශතක 31ක් රැස්කරගෙන සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button