Cricket NewsEXCLUSIVE

ලහිරු සමරකෝන් ලෝක කුසලාන සංචිතයේ දොරට තට්ටු කරන ලකුණු !

දේශීය පිටියේ වත්මන් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා බවට පත් වන්නට ලහිරු සමරකෝන් සමත් ව තිබේ.

නිමාව දුටු පළමු පෙල තරඟාවලි කිහිපයේදී මෙන්ම ශ්‍රී ලංකාව A හා සංවර්ධන කන්ඩායම් කල සංචාරයන් තුල ඔහු දැක්වූ දස්කම් කැපී පෙනේ.

ඒ අතරට ,

✅ පසුගිය වසරේ අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ වැඩිම කඩුලුලාභියා…
✅ පසුගිය වසරේ අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ වීරයා…
✅ පසුගිය වසරේ NSL සීමිත පන්දුවාර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා…
✅ පසුගිය NSL අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ හොදම පන්දු යවන්නා…
✅ පසුගිය නැගි එන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකාව වෙනුවෙන් තුන්වෙනි වැඩිම කඩුලුලාභියා…
✅ පසුගිය NSL සිව්දින තරගාවලියේ හයවෙනි වැඩිම කඩුලුලාභියා…
✅ පසුගිය උගන්ඩාව සමග පැවති විස්සයි විස්ස තරගාවලියේ දෙවෙනි වැඩිම කඩුලුලාභියා…

මේ දිනවල පැවැත්වෙන අන්තර් සංචිත තරඟාවලිය තුලද ඔහු ඉතා සාර්ථක දස්කම් දක්වන්නට සමත් වීම විශේෂත්වයක්.

එම තරඟාවලියෙව් මේ දක්වා වැඩිම කඩුලු ලාභී වේගපන්දු යවන්නන් අතර දෙවැනි තැන පසුවන්නේ ඔහුයි.එමෙන්ම එම ලැයිස්තුව තුල අඩුම Economy එකක් රඳවා ගන්නා ක්‍රීඩකයාද වන්නේ ලහිරු සමරකෝන් .

එමෙන්ම පිතිකරුවෙකු ලෙසින් විස්සයි විස්ස පිටිය තුල සමරකෝන් මැදපෙල ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසින් ඉහළ නම් දරා සිටින්නෙක්.එහිදී ඔහු 136 ක ප්‍රහාරක වේගයක් රඳවාගෙන සිටී.

දිගින් දිගටම නිරන්තර දස්කම් දතර රැඳුනු ලහිරු හට නිසි ස්ථානය මෙවර හෝ ලැබේ නම් එය ප්‍රශංසනීය කරුණක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button