Cricket NewsEXCLUSIVE

විරාට් කෝලි හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර සීතල යුද්ධය උග්‍ර අතට ! සචින්ගේ වාර්ථා අභිබවා යන්නට පෙර කෝලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය හමාර වෙයිද ?

ඉකුත් දා ආසියානු කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා තම සංචිතය නම් කර තිබූ අතර එහි අවසන් තරඟයට පමණක් පූර්ණ ඉන්දීය කණ්ඩායම සංචිතය වෙත නම් කර තිබුනි.

අවසන් වසරක තුනක-හතරක කාලය තුලදී එනම් විරාට් ගේ ශතක ඉඩෝරය අතරවාරයේදී ගංගුලි ප්‍රමුඛ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ගැටුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට සිදුවූයේ නායකත්වයට පවා සමුදෙන්නටයි.

එතැන් පටන් දිගින් දිගටම සිදුවූ විරාට් හා එරට ක්‍රිකට් පාලක පන්තිය අතර ගැටුමේ ආසන්නතම සිදුවීම ඊයේ වාර්ථා වූ අතර වසර ගණනකට පසුව විරාට් තම නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ඉන්දීය ක්‍රිකට් නිල හි ගිණුම Unfollow කර තිබුණි.

ඉකුත්දා සිය 47 වැනි එක්දින ශතකයද රැස් කල විරාට් හට ලොව ඉහළම එක්දින ජාත්‍යන්තර ශතක ලාභියා වීමට තවත් ශතක තුනක් පමණක් අවශ්‍ය වන පසුබිම ඉන්දීය කණ්ඩායම තුල විරාට් විවේක ගැන්වීම එතරම් සුභදායී ලකුණක් නොවේ.

අවසන් වසර කිහිපයේදී අහිමිව ගිය රිද්මය යලිත් සොයාගත් විරාට් හට ලෝක කුසලානය තුල ඉන්දීය කණ්ඩායමේ ඉඩ වෙන්ව ඇති නමුත් ඉන් පසුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය කුමන දිශානතියකට යොමු වේදැයි ප්‍රශ්නාර්ථයකි.

කෙසේ නමුත් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ තවත් වැඩි කලක් ගත කිරීමට ඉතිරිව ඇති විරාට් කෝලි දිගින් දිගටම ඉන්දීය සංචිතය තුල විවේක ගැන්වීම පාලක මණ්ඩලයත් විරාට් අතරත් පැණ නැගී ඇති ගැටුම පිලිබඳව ඉඟි සපයනවාද විය හැකියි.

සෙසු ඉන්දීය ක්‍රීඩකයින් හා සැසඳීමේදී විරාට් මේ වසරේදී ජාත්‍යන්තර තරඟ සීමිත සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙන අතර අබාධ හෝ ව්‍යාකූලතා හේතුවෙන් ඔහු කිසිම විටෙක සංචිතය තුලින් එපිටට යෑමක් නොවුනු අතර එම සෑම අවස්ථාවක්ම ඔහුව විවේක ගන්වා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button