Cricket NewsEXCLUSIVE

” ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් අපිට විශාල කරදරයක් උනා.අපි දඟ පන්දු යවන්නන්ට ක්‍රීඩා කරන්න හොඳින් පුහුණු වීම් කරා ” හෙට තරඟයේ සූදානම ගැන පෙරලිකාර නෙදර්ලන්තය කියන කතාව !

තවමත් එකදු හෝ තරඟයක් මෙවර ලෝක කුසලානයේදී ජයග්‍රහණය කිරීමට අපොහොසත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට නෙදර්ලන්තයට එරෙහිව තරඟ වැදීමට නියමිතයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙට තරඟය සඳහා නෙදර්ලන්තයේ සූදානම පිළිබඳව මැදපෙල පිතිකරු Teja Nidamanaru පැවසුවේ මෙවැන්නක්.

“අපි සුදුසුකම් ලැබීමේ තරගාවලියෙදි කිහිපවතාවක්ම ශ්‍රී ලංකාවට එරෙහිව තරග කරලා තියෙනවා. නමුත් පැහැදිලිව අපි පිතිකරණ අංශය අතින් දුර්වල වුණා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දගපන්දු යවන්නන් අපිට විශාල කරදරයක් වුණා. අපි දගපන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කරන්න හොදින් පුහුණුවීම් කරා. ඒ වගේම පිතිකරණ අන්තය හුවමාරු කරගන්නත් පුහුණුවීම් කළා. මම හිතනවා ශ්‍රී ලංකාවට එරෙහිව ධනාත්මක ප්‍රතිඵලයක් ලබාගන්න එය වැදගත් අංශයක් වෙයි කියලා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button