Cricket NewsEXCLUSIVE

හැනිබල් සමඟින් ගැටුණු වනිඳුට වැඩ වරදියි ! තරඟ දෙකක තහනමක් හා තරඟ ගාස්තුවෙන් 50% ක දඩ !

ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසිරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරඟ දෙකක තහනම් සහ තරඟ මුදලින් සියයට 50 ක දඩයක් පනවා තිබෙනවා.

එම දඬුවමට අමතරව වනිඳුට දඬුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් එම දඬුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් අද පස්වරුවේ දැනුම්දීමටද නියමිතයි.

ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරඟ දෙක අහිමි වේ.

එම තරඟයේ නිපන්දුවක් පිළිබඳව ලින්ඩන් හැනිබල් මහතා සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ඔහුට මෙම දඬු වම් පැනවීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button